ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින් /මොරටුවේත් ආසාදිතයන්ගේ වර්ධනයක්

ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.
එම සංඛ්‍යාව 298 ක්.
මට්ටක්කුලිය, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවලින් ආසාදිතයන් 24 බැගින් වාර්තා වන අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 21 ක් සොයාගෙන තිබෙනවා.
මොරටුව,බොරැල්ල හා කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයන් 14ක් බැගින් හඳුනාගෙන තිබෙනවා.ගම්පහ දිස්ත්‍රික්කයේ වාර්තාවූ ආසාදිතයන් 203 දෙනා අතරින් , වත්තලින් 26 ක් හා ජා ඇලින් 21ක් සොයාගෙන තිබුණා.
මහනුවරින් 56 ක්, කළුතරින් 42 ක් , කරුණෑගලින් හා රත්නපුරයෙන් ආසාදිතයන් 37 බැගින් ද වාර්තා වුණා.
මාතරින් 35 ක් , ගාල්ලෙන් 34 ක් ද ඇතුළුව දිස්ත්‍රික්ක 20කින් ඊයේ ආසාදිතයන් වාර්තා වුණා.
විදෙස්ගතව සිට පැමිණි 40 දෙනකු ද මේ අතරට ඇතුලත්.

පුවත යවන්න