ඊයේ වැඩිම ආසාදිතයින් කටාන, කටුනායක සහ මිනුවන්ගොඩින්

ඊයේ දිනය තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින නව ආසාදිතයින් 741ක් හදුනාගෙන තිබුණා.

කොළඹින් 505ක් හා කළුතරින් 181ක් ලෙස වාර්තා වූ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 145ක් වාර්තා විය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කටාන ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 122කි.

මීට අමතරව කටුනායකින් 117ක්ල මිනුවන්ගොඩ 63ක්ල නිට්ටඹුවෙන් හා කැලණියෙන් 74ක් හා දිවුලපිටියෙන් 38ක් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

පුවත යවන්න