ඊයේ (05 ) වැඩිම ආසාදිතයන් මහියංගනයෙන් හා හසලකින්

ගතවූ දිනය තුල කොරෝනා ආසාදිතයන් 735 ක් මෙරටින් වාර්තා වූ අතර ඉන් ආසාදිතයන් 158 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
නාරාහේන්පිටින් ආසාදිතයන් 16 ක් කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයන් 14 ක් ද ඒ අතරට ඇතුලත්.
ඊයේ දිනයේ බදුල්ලෙන් ආසාදිතයන් 105 ක් වාර්තා වූ අතර මහියංගනයෙන් ආසාදිතයන් 54ක් හා හසලකින් ආසාදිතයන් 30 ක් හදුනා ගැණුනා.
ගතවූ දිනය තුල මහනුවරින් හමුවූ ආසාදිතයන් ගණන 94 ක්.
මහනුවර නගරයෙන් 29 ක් කටුගස්තොටින් 20 ක් ඊට අයත්.
කළුතර දි්ත්‍රික්කයේ ආසාදිතයන් 88 න් 21ක් ම බදුරලියෙන් හදුනා ගැණුනා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 79 ක්.
ඉන් 21 ක් වාර්තා වූයේ අඹන්පොලින්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 57 ක් හා ගාල්ලෙන් 38 ක් වාර්තා වූ අතර හම්බන්තොට අඟුණුකොළපැලැස්සෙන් ආසාදිතයන් 27ක් හදුනා ගැණුනා.

පුවත යවන්න