Skip to content
ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යාමට අවස්ථාව උදාවන අතර, එම අවස්ථාව හිමිවන්නේ තම කාර්යාංශයෙන් පමණක් බවයි.
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57වන කණ්ඩායම ලෙස රැකියාලාභීන් විසිතුන් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය ද ඊයේ (20) සිදුවුණා.
මෙම පිරිසට කාන්තාවන් 19 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් 4 දෙනෙකු අයත්.
අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 319 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා.