එළඹෙන උත්සව සමයේදී මෙරට කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා අදාළ නීති සකස් කිරීමට පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තාවීම දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් එළඹෙන උත්සව සමයේදී මෙරට කොරෝනා අවදානම උපරිම මට්ටමට ළඟා වීමේ අවදානමක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.