උත්සව සමයේ කොළඹ සෞඛ්‍ය නීති රකින්න විශේෂ මෙහෙයුමක්

කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණ වෙත යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිඛෙනවා.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සදහන් කළේ පොලිසියේ සහය ඇතිව මෙය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම පිටුකොටුව පදික වේදිකා, වෙළෙදසැල් අශ්‍රීතවද උත්සව සමයේ වැටලීම් සිදුකරන බව ද ඔහු සදහන් කළේ.

මෙහිදී ආපන ශාලා ඇතුළු ආහාර ලබා දෙන වෙළෙදසැල්ද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙනු ඇති.

කොළඹ නගරය කොටස් 06කට ඛෙදා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමටයි සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇත්තේ.

පුවත යවන්න