උතුරු කොරියාවේ සුපිරි මිසයිලයෙන් ජායාරූපත් අරන්

උතුරු කොරියාව වසර 5ක් තුල සිදුකළ සිය ප්‍රබලතම මිසයිල අත්හදා බැලීමට අදාළ අභ්‍යවකාශ ජායාරූප නිකුත් කර තිබෙනවා.
ඊයේ අත්හදා බැලූ මෙම දිගු දුර මිසයිලය මගින් කොරියානු අර්ධද්වීපයේ කොටස් සහ ඒ අවට මෙම ජායාරූප ලබාගත් බවයි උතුරු කොරියාව නිවේදනය කළේ.
මිසයිලයට පූර්ණ බලයෙන් සැතපුම් දහස් ගණනක් ගමන් කළ හැකි අතර, එක්සත් ජනපදයේ ගුවාම් කලාපය පවා වැනසිය හැකි බවයි දැනුම්දී ඇත්තේ.
මෙම මිසයිලය කිලෝමීටර 2000 ක දුරක් ගමන් කර මුහුදට පතිත වී තිබුණා.
නවතම අත්හදා බැලීම පිළිබද ජාත්‍යන්තර ප්‍රජාව අතර නැවතත් අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර මෙය අවදානම් තත්ත්වයක් ලෙස ද නම් කර තිබෙනවා.
ජනවාරි මාසය තුල පමණක් උතුරු කොරියාවේ මිසයිල දියත් කිරීම් හතක් වාර්තා වී ඇති අතර එය – එක්සත් ජනපදය, දකුණු කොරියාව,ජපානය සහ අනෙකුත් ජාතීන් විසින් හෙලා දැක තිබෙනවා.

පුවත යවන්න