උතුරේ දූපත් 3ක විදුලි ව්‍යාපෘතිය චීනයට දීමේ අවසන් තීරණයක් නෑ / පාර්ලිමේන්තුවට දන්වයි

උතුරේ දූපත් 3ක විදුලි බල ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා තීරණය කර ඇතත් ඒ සම්බන්ධ අවසන් තීරණයකට මෙතෙක් එළඹ නොමැති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.
මෙම ව්‍යාපෘතිය චීන සමාගමකට ලබාදී තිබූ අතර , ඊට ඉන්දියාවේ විරෝධය පළව තිබුණා.
ඒ ඩෙල්ෆ් ඇතුළු අදාළ දූපත් 3 ඉන්දියාවට කිලෝමීටර 50කට අඩු දුරකින් පිහිටීම මතයි.
ඒ අනුව අදාළ ව්‍යාපෘතියේ මුදල් පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලබාදීමට සූදානම් බවටද ඉන්දියාව දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත් චීනය ලංකාවට දන්වා ඇත්තේ අදාළ ව්‍යාපෘතිය ලබාදීමේදී නියමිත පටිපාටිය අනුගමනය කර ඇති බැවින් ඒ අනුව ඉදිරි පියවර ගන්නා ලෙසයි.

පුවත යවන්න