උතුරේ හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසමට

සුන්දරම් අරුමයිනායහම් මහතා රාජ්ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කිරීමටත්, පී.එස්.එම්.චාල්ස් මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස පත් කිරීමටත් පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිඛෙනවා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සුන්දරම් අරුමේනායගම් මහතාගේ නමත්, මැතිවරණ කොමිෂන් සභාවට උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය වූ පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ නමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම් කර තිබුණි.

ඒ අනුව පසුගියදා රැස් වූ පාර්ලිමේන්තු සභාව එම නම් දෙක සඳහා අනුමැතිය ලබාදී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

පුවත යවන්න