උදව් ඉල්ලුවොත් සහාය දෙනවා / මූල්‍ය අරමුදල ලංකාවට කියයි

රජය උපකාර ඉල්ලා සිටින්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ විකල්ප සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විනාශකාරී බලපෑමක් ඇති කර ඇති අතර, විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බරපතල මට්ටමින් පහත වැටී තිබෙනවා.
මේ දක්වා මූල්‍ය අරමුදල වෙත ශ්‍රී ලංකාවෙන් මූල්‍ය ආධාර සඳහා ඉල්ලීමක් ලැබී නොමැති අතර, ඉල්ලීම් කළහොත් විකල්ප සාකච්ඡා කිරීමට කාර්ය මණ්ඩලය සූදානම් බවයි මෙහිදී දැනුම් දී ඇත්තේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිවේදනය කළේ රට අරමුදලෙන් උපදෙස් අපේක්ෂා කර ඇති අතර ඒ පිළිබද උපදෙස් මෙරටට ලැබීමට නියමිත බවයි.
මෙරට ආර්ථික වර්ධනය සහ ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම සඳහා වාර්ෂික ද්විපාර්ශ්වික සාකච්ඡාවල කොටසක් ලෙස මූල්‍ය අරමුදල් කණ්ඩායමක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණ තිබුණා.
රටේ නවතම ආර්ථික දත්ත සමාලෝචනය කිරීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පෙබරවාරි මස අවසානයේදී පැවැත්වීමට නියමිතයි.

පුවත යවන්න