උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් ඔන්ලයින් ක්‍රමයට

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් උපත් , මරණ සහ විවාහ සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබ තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා සඳහන් කළේ, ජංගම දුරකථන සහ පරිගණක භාවිත කරමින් එම සහතිකවල පිටපත් හෙට(04) සිට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බවයි.

ඉල්ලුම් කළ සහතික පිටපත් ශීඝ්‍රගාමී තැපෑල ඔස්සේ හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබා ගත හැකි බව , එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පුවත යවන්න