උයිගර් ජන කොටස්වලින් යළි විරෝධයක්

උයිගර් ජන කොටස් වෙත සිදුකරන දැඩි බලපෑම් හමුවේ තම රට තුලම එම ජනතාව සිරකරුවන් බවට පත්ව ඇතැයි සී එන් එන් පුවත් සේවය පවසනවා.
2019 සිට චීනයේ උයිගර් ජන කොටස් මෙම අර්බුධයට ගොදුරුව සිටින බවයි එම වාර්තාව පවසන්නේ.
අමෙරිකාවේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ උයිගර් ජන කොටස්වල නියෝජිතයන් මෙම අදහස් පල කර තිබුණා.
ඔවුන් පෙන්වා දෙන්නේ , චීන රජය විසින් උයිගර් ජන කොටස් ඔවුන්ගේ අපේක්ෂාවන්ට එරෙහි කොටසක් ලෙස සලකන බවයි.
එම ජන කොටස්වල සුබසාධනය පිළිබද චීනය කිසිදු තැකීමක් නොකරන බවටද එමගින් චෝදනා නගා තිබෙනවා.

පුවත යවන්න