අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2022) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (18) පවසයි.
කොමසාරිස්වරයා සදහන් කළේ බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ ද, විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්ෂකයන් සඳහා රත්මලාන සහ තංගල්ලේ ද, මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් එම රෝහලේ ද, විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවයි.
එම මධ්‍යස්ථාන හතරත් සමගින් මෙවර විභාගය මධ්‍යස්ථාන 2200 ක පැවැත්වෙන බව අමිත් ජයසුන්දර සදහන් කරයි.
මෙවර විභාගය සඳහා පාසල් අපේක්ෂකයන් 278,196 ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 53,513 ක් සමඟ සම්පූර්ණ අපේක්ෂකයන් 331,709 ක් සහභාගි වීමට නියමිතයි.
මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා සිට පෙරවාරි මස 17 වැනිදා දක්වා දින 22 ක් පැවැත්වේ.