කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
නෞකාවේ සන්නිවේදන සබදතා පටිගත කෙරෙන පණිවුඩ දත්ත හුවමාරු පද්ධතිය නාවික හමුදාවේ ද සහාය ඇතිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ඊයේ දිනයේදී ගෙන තිබෙනවා. මෙහි ඇති දත්ත පරික්ෂා කිරීමෙන් අනතුරුව නෞකාව හා එය ගමන් කළ වරායන් සමග පැවති පණිවුඩ පිළිබද තොරතුරු ලබා ගැනීමට හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. කෙසේ වෙතත් තවමත් නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවේ ද යන්න පිළිබද සොයා බැලීමට නෞකාව ගලවා ගැනීමේ සමාගම හා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් එක්ව නිරීක්ෂණය කරනවා.
මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කළේ පළමු වන්දි මුදල නෞකාව අයත් සමාගමෙන් මේ වන විට ඉල්ලා ඇති බවයි.
ඊයේ දිනයේදීත් මාරවිල වෙරළ තීරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට නෞකාවේ අපද්‍රව්‍ය මෙන්ම මිය ගිය කැස්බෑවන් කිහිප දෙනෙකුගේ සිරුරු ගොඩගසා තිබූ ආකාරය දැකගත හැකිවුණා.