”එදා මහින්ද පරද්දලා කරපු වැරැද්ද නැවත කරන්න එපා” – ජනපති

රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට ඊයේ (27) මාතර පිටබැද්දර දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

”පැවති රජයේ අනුවණ ක්රියාපිළිවෙත හේතුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටිණ. පාස්කු ඉරිදා ප්රහාරය එහි ප්රතිඵලයකි. අභූත චෝදනා නගමින් රණවිරුවන් සිරගත කෙරිණ. ජිනීවා යෝජනාවට සම අනුග්රහය දක්වා රටේ ස්වෛරීත්වය බිඳ දමනු ලැබීය. හීලෑ අලි ඇතුන් පිළිබඳ ප්රශ්න ඇති කර සංස්කෘතිය, ආගම හා බැඳුණු උරුමය විනාශ කිරීමට උත්සාහ කෙරිණ.
MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය වැනි ගිවිසුම්වලට එළැඹ රට දැවැන්ත අර්බුදයකට ඇද දමනු ලැබීය.” අද ඒවාට විසඳුම් දෙමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

පුවත යවන්න