එන්නතක මාත්‍රා ගණන WHO නිර්දේශය අනුව තීරණය කරන්න /GMOA ඉල්ලයි

කොරෝනා එන්නත් ලබාදීමේදී පුද්ගලයකුට ලබාදිය යුතු එන්නත් මාත්‍රා ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත තීරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ, වර්තමානයේ පවතින තත්ත්වය මත පදනම් ව එන්නත් මාත්‍රා ප්‍රමාණය තීරණය කර ඇති බවයි.

“මේ වෙලාවේ තියෙන්නේ අවුරුද්දක සමීක්ෂණ ප්‍රතිඵල තියෙන්නේ. අවුරුද්දක එකහමාරක පරීක්ෂණ ප්‍රතිඵලය තමයි පළමු සහ දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් ප්‍රතිශක්තීකරණයක් ඇති වෙනවා සහ ඒක යම්කිසි කාලසීමාවක් පවතිනවා කියන එක. සමහර විට අලුත් ප්‍රභේදයක් ඇති වෙලා වෛරසය වෙනස් වුනොත් ප්‍රතිශක්තිකරණය යම් මට්ටමකින් හීන වීමක් හෝ සංකූලතා ඇති වීමේ හැකියාවක් තියෙනවා. සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා අවසන් කරපු එකක් නෙමෙයි මේ අපිට දීලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්. මේ වෙලාවේ කළ හැකි දේ තමයි කරන්නේ. ඒ හින්දා ඉදිරියේ දී මාත්‍රා එකක් ද දෙකක් ද කියන එක ඔවුන් දැනුම්දෙයි.“

පුවත යවන්න