එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකක ට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
එමීර් රාජ්‍යයට එරෙහිව යුද මෙහෙයුමක් දියත් කර ඇති බව යේමනයේ සිටින හව්ති කැරළිකරුවන් විසින් නිවේදනය කිරීමෙන් පසුවයි ප්‍රහාරය එල්ලවී ඇත්තේ.
අබුඩාබි පොලීසිය පවසන්නේ, එම ප්‍රහාර ඩ්‍රෝන මඟින් සිදුකර ඇති බවයි.
මෙම ප්‍රහාරවලින් එකක් අබුඩාබී ගුවන් තොටුපළේ ඉදිකිරීම් සිදුකෙරෙමින් පවතින ස්ථානයකට එල්ලව වූ අතර අනෙක් ප්‍රහාරය මුසෆ්ෆා කාර්මික නගරයේ තෙල් බෙදාහැරීම් සිදුකරන ආයතනයක් අසලට එල්ලව තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ එහි තිබු ඉන්ධන ප්‍රවාහන රථ 3ක් ගිනිගෙන ඇති බවයි.
මෙහිදී තිදෙනකු මරණයට පත්ව 6 දෙනකු තුවාල ලබා තිබෙනවා.
මියගිය පුද්ගලයන් අතරින් දෙදෙනකු ඉන්දියානුවන් වන අතර එක් අයකු පකිස්ථානුවකු වනවා.