Skip to content
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිල ඉතාමත් පහතට වැටීම හේතුවෙන් එළවළු වගා කරන ගොවීන් දහස් ගණනක් බලවත් අසීරුතාවලට මුහුණ පා ඇති බව මාතලේ දිස්ත්‍රික් ගොවි සංවිධාන රැසක් අදාළ අංශවලට පැමිණිලි කර තිබේ.
මෙසේ එළවළු මිල පහත වැටී ඇත්තේ එළවළු තොග මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ව්‍යාපාරිකයන් සංඛ්‍යාවක් නොපැමිණීම හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් කන්ද උඩරට හා යාපනය අර්ධද්වීපයෙන් එළවළු ලැබීම හේතුවෙනි.
වත්මන් තත්ත්වය යටතේ ගොවීන්ට තම නිෂ්පාදන වියදම පියවා ගැනීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව තිබේ.
අධික නිෂ්පාදන පිරිවැයක් දරා රටේ ආහාර වෙනුවෙන් එළවළු වගා කළද තම නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් මිලක් නොමැති වීම නිසා වගා කටයුතුවලින් ඉදිරියේදී ගොවීන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.
පසුගිය ජනවාරි මාසයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවැති ඵළවළු මිල ගණන් හා මාර්තු 24 වැනිදා පස්වරුව වන විට දඹුල්ලේ එළවළු මිල ගණන් පහත බැසීම නිසා විශාල මිල පරතරයක් දැකිය හැකිවීම විශේෂත්වයකි.
වෙනත් වසරවල මෙම වකවානුව වන විට අලුත් අවුරුදු සමය ආරම්භ වීම නිසා විශාල වශයෙන් අවුරුදු වෙළෙඳාම පවතින අතර මෙවැනි එවැනි තත්ත්වයක් දක්නට නොමැති විය.
කංචන කුමාර ආරියදාස – දඹුල්ල විශේෂ