ඔමික්‍රොන් ගැන තවත් භයානක අනාවරණයක්

නව ඔමික්‍රෝන් ප්‍රභේදයට සම මතුපිට නොනැසී පැය 21 ක් දක්වා කාලයක් පවතින බව නවතම පර්යේෂණයකින් හෙළි කරගෙන තිබෙන බව රොයිටර් පුවත් සේවය අනාවරණ කරනවා.
ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදුකළ නවතම පරීක්ෂණයකින් මේ බව හෙළිකර තිබුණා.
ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්ලාස්ටික් මතුපිටක් තුළ දින 08ක් පැවතීමේ හැකියාවක් ඇති බව පර්යේෂකයන් අනාවරණ කළා.
වූහාන් හි වාර්තා වූ පළමු කොවිඩ් ප්‍රභේදය ට ප්ලාස්ටික් තුළ පැය 56ක් රැඳි සිටිය හැකි අතර ඔමික්‍රෝන් ප්‍රභේදයට පැය 193.5 ක කාලයක් රැඳී සිටිය හැකි බවට හඳුනාගෙන තිබුණා.
මෙය ඔමික්‍රොන් ප්‍රභේදයේ වැඩි ව්‍යාප්තියට බලපාන එක් සාධකයක් ලෙසයි නම් කර ඇත්තේ.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යෝජනා කර ඇති පරිදි විෂබීජ නාශක භාවිතා කිරීම ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව නිර්දේශ කරනු ලබන බවයි පර්යේෂකයන් පවසන්නේ.

පුවත යවන්න