ඔමික්‍රොන් වැළදුණු අයට නැවත කොරෝනා වැළදෙන බවට අනාවරණයක්

අද වන විට මෙරටින් හඳුනා ගන්නා සියලුම කොවිඩ් රෝගීන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ, ඔමික්‍රෝන් ආසාදිතයින්ට නැවත නැවත වෛරසය ආසාදනය වීමේ හැකියාව පවතින බවයි.

“අද මේ වන විට කොවිඩ් මර්දනයේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය හා සමග මතු වී තිබෙන තත්ත්වය ගැන තමයි මේ දිනවල වැඩිපුරම අවදානය යොමු කරන්නේ. ඒ මක්නිසා ද යත් දැන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම වාර්තා වෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති අය බව තමයි තහවුරු වන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආසාදනය වු රෝගියෙකුට නැවත ඔමික්‍රෝන් ප්‍රභේදයෙන්ම ආසාදනය විය හැකියි. කිහිපවතාවක්ම ආසාදනය විය හැකියි. කතා බහක් තිබුණා මෙය එතරම් බරපතළ ප්‍රභේදයක් නොවේ ද කියලා. නමුත් ඒක වැරදි අදහසක් බරපතළ රෝගීන් දකිනවා තවමත්. ඔමික්‍රෝන් තත්ත්වය නිසා ICU ගත වෙච්ච රෝගීන් සිටිනවා. එම නිසා එන්නත්කරණයෙන් ප්‍රතිශක්තිය ඉහළ දමා ගැනීම අත්‍යාවශයයි.”

පුවත යවන්න