ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, පුද්ගලයින්ගේ නියැදි සාම්පල රැස් කිරීම මේ වන විට සිදුවන බවයි.
ඒ අනුව සාම්පල පරික්ෂාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙනු ඇති.
විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, ජනතාව සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කිරීම අතිශය වැදගත් බවයි.
මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 565,471 දක්වා ඉහළ ගියේ ය.
ඒ නව ආසාදිතයින් 738 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.
කොරෝනා ආසාදිත තවත් මරණ 27 ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,399 දක්වා ඉහළ ගියේ ය.
කොරෝනා ආසාදිතව සිට මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 541,124 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.