ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ මරණ ඉහළ යයි

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත මරණ ගණන බ්‍රිතාන්‍ය තුළ ඉහළ යමින් තිබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් 12 දෙනෙක් මියගොස් ඇති බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩොමිනික් රාබ් පැවසුවේය.

වර්ධනය වන අනතුරුදායක තත්ත්වය හේතුවෙන් එළඹෙන නත්තල් සමයේ සංචරණ සීමා දැඩි නොකරන බවට සහතික වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

දකුණු අප්‍රිකාවෙන් සහ හොංකොං රටවලින් පසුගිය මාසයේදී පළමු වරට ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා විය. මේ වනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් රටවල් 89කින් පමණ වාර්තාවී තිබේ.

බ්‍රිතාන්‍යයේදී හඳුනාගත් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 104ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩොමිනික් රාබ් පැවසුවේය.

පුවත යවන්න