ඔමික්‍රෝන් ආසාදිතයන්ට උණ නැහැ / වෛද්‍ය විශේෂඥ ශර්මිලා ද සිල්වා

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන්ට උණ රෝග ලක්ෂණය පෙන්නුම් නොකරන බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික වෛද්‍ය විශේෂඥ ශර්මිලා ද සිල්වා මහත්මිය පවසනවා.

ඊයේ (24 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව සදහන් කළා.

ඔමික්‍රෝන් අාසාදිතයන්ට උගුර ආසාදනය වීම කැස්ස සහ තද හිසේ කැක්කුම වැනි රෝග ලක්ෂණ පවතින බවට හඳුනාගෙන ඇති බව ඇය සඳහන් කළා.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෛව සෛල විද්‍යා ඒකකය සිදුකර ඇති ජාන විශ්ලේෂණ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ සියයට 95කටම ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් වයිරසය බවයි.

පුවත යවන්න