ඔමික්‍රෝන් ප‍්‍රභේදය ලේසියට ගන්න එපා – ලෝක සෞඛ්‍ය සංවිධානය

ඔමික්‍රෝන් කොරෝනා ප‍්‍රභේදයේ බලපෑම සුළුකොට නොසලකන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ලොව පුරා කොරෝනා ආසාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එය ලොව රටවල සෞඛ්‍ය පද්ධති කෙරෙහි දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ.

පසුගියදා අමෙරිකාවෙන් මිලියනයක දෛනික ආසාදිතයන් වාර්තා වූයේ ද ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් කොරෝනා සුනාමියක් කඩිනමින් පැමිණීම වළක්වා ගත යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් අවධාරණය කර සිටින්නේ.

පුවත යවන්න