ඕස්ට්‍රේලියාවේ කිරි ගොවිපලවල් චීන හිමිකරුවන්ට එපාවෙයි

ඕස්ට්‍රේලියාවේ විශාලතම හා පැරණිතම කිරි ගොවි ව්‍යාපාරයේ චීන හිමිකරු ගොවිපලවල තත්ත්වය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු ව්‍යාපාරයේ කොටස් විකුණා දැමීමට තැත් කරන බවට චෝදනා එල්ලවනවා.
තස්මේනියාවේ ගොවිපල 23 ක් හිමි වැන් ඩෙයරි සමූහය සිය ගොවිපල 23 න් 10 ක්ම මෙල්බර්න් හි ආයෝජන කළමනාකරුවෙකුට විකිණීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව සිඩ්නි මෝනිං හැරල්ඩ් වාර්තා කළා.
අපද්‍රව්‍ය වැඩි වශයෙන් මෙම ගොවිපලවල ගවයන් විසින් ආහාරයට ගැනීම ඇතුළු ගොවිපල ගැටලු අනාවරණය වීමෙන් පසුව පරිසර ආරක්ෂණ ඒජන්සිය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.
චීනයේ මූන් ලේක් විසින් 2016 දී පවරා ගැනීමෙන් පසු තම රටේ සත්ව ගොවිපල රැසක ප්‍රමිතිය පහත වැටී ඇති බවයි ඕස්ට්‍රේලියානු වාර්තා පවසන්නේ.

පුවත යවන්න