ඖෂධ 60ක මිල 40% කින් ඉහළට

ඖෂධ 60ක මිල යළි සංශෝධනය කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව, අදාළ ඖෂධ වර්ග වල මිල 40% කින් ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සදහන් වේ.

ඖෂධ සඳහා එම ගැසට් නිවේදනය මගින් උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, රුපියල් 59.79ක්ව පැවැති ඇමොක්සිලීන් ක්ලැවුලිනික් ඇසිඩ් මිලිග්‍රෑම් 375 පෙත්තක මිල රුපියල් 83.71ක් දකවා ඉහළ දමා තිබේ.

ක්ලැරිත්‍රෝමයිසීන් මිලිග්‍රෑම් 250 පෙත්තක මිල ද රුපියල් 86.31ක් දක්වා ඉහළ ගොස් ඇතිබව සඳහන් වේ.

එමෙන්ම ඩොක්සිසයික්ලීන් මිලිග්‍රෑම් 100ක පෙත්තක මිල රුපියල් 17.07ක් පැවැති අතර එහි නව මිල රුපියල් 23.90ක් දක්වා ඉහළ දමා තිබේ.

මීට අමතරව රුපියල් 5.06ක්ව පැවැති ඇස්පිරින් මිලිග්‍රෑම් 75 පෙත්තක මිල රුපියල් 7.08ක් දක්වා ඉහළ ගොස් ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සදහන් විය.

මෙට්පෝමීන් මිලිග්‍රෑම් 500ක පෙත්තක් රුපියල් 6.64ක් ලෙස පැවැති අතර එහි නව මිල රුපියල් 9.34ක් දක්වා ඉහළ දමා ඇත.

එමෙන්ම රුපියල් 10.29ට අලෙවි  කළ තයිරෝක්සින් මයික්‍රෝග්‍රෑම් 50ක පෙත්ත ද රුපියල් 14.41 දක්වා ඉහළ ගොස් ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

අදාළ ඖෂධ වල මිල ගණන් මීට පෙර මාර්තු මස 15 වනදා නිකුත් කළ 2241/43 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සංශෝධනය කර තිබුණි.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

 

පුවත යවන්න