කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනයෙන් වළකින්නැයි, දැනුම්දීමක්

කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ නැවත දැනුම් දෙන තුරු බර වාහන ධාවනය කිරීමෙන් වළකින්නැයි, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.

ඒම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කටුගස්තොට මංසන්ධියට කිලෝමිටර් 0 2 ක් පමණ දුරින් ඉදි කෙරෙමින් පවතින පස් මහල් වාණිජ ගොඩනැගිල්ලක් ඊයේ (12) සවස 5.30 ට පමණ හදිසියේ ගිලා බැස ඇති බවයි.

ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවද එයින් දැනුම් දී තිබෙනවා.

පුවත යවන්න