කඩදාසි හිඟය නිසා විභාග ප්‍රශ්න පත්‍ර නෑ

කඩදාසි හිඟය නිසා බස්නාහිර පාසල්හි 9, 10 සහ 11 යන ශ්‍රේණිවල වර්ෂාවසාන විභාගය අප්‍රේල් මස නිවාඩුවෙන් පසුව පවත්වන්නැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

බස්නාහිර පළාත් පාසල්හි 6, 7 සහ 8 යන ශ්‍රේණිවල විභාග පහසු ආකාරයකට පවත්වන්නැයිද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම් දී තිබුණා.

ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට කඩදාසි නොමැතිකම සහ මුද්‍රණ ගාස්තු ඉහළ නැගීම නිසා ප්‍රශ්නපත්‍ර මුද්‍රණය අවුල් සහගත වී තිබෙනවා.

පුවත යවන්න