කඩිනම් පියවර නොගත්තොත් ලංකාව ඉන්දියාවේ තත්ත්වයට /ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

කොරෝනා වසංගතය කඩිනම් පාලනයකට ලක් නොකළහොත් මෙරට තත්ත්වයද ඉන්දියාව මෙන් අවදානමක් කරා ගමන් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එම සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම අත්‍යාවශ්‍ය බවයි.

“මේ අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩිවෙන්නත් පුළුවන්. අපි මේ ජීවන රටාවට අනුගත නොවුනහොත් රටක් විදියට අපිට ඉන්දියාවට වගේ ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ගෙදර ඇතුළේම රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත් අයත් රෝගියා ත් මුව ආවරණයක් පැළඳ සිටීම ඉතාමත් වැදගත්. සම්පූර්ණයෙන් ම ඉදිරි සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යයෙන් ම යන්න වෙනවා අපි මේ සම්බන්ධව සමාජයක් විදියට එක පිළිවෙතකට අනුගත වෙලා රෝගය පාලනය කිරීමට තීරණය කළේ නැත්නම්. “

පුවත යවන්න