කතුන්-තරුණියන් ‘බ්ලැක්මේල්’ කළොත් ගැලවීමක් නෑ – මහජන ආරක්ෂක ඇමැති

කාන්තාවන්, තරුණියන් බ්ලැක්මේල් (ත්‍රාසාත්ග්‍රහණය) සිදු කරන්නන්, පාතාල ක්‍රියාකාරින්, කප්පම් ලබා ගන්නන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මින් ඉදිරියට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මහතා පවසනවා.

තරුණියන් බ්ලැක්මේල් කරනන්නන් සම්බන්ධයෙන් සහ කප්පම්කරුවන් සම්බන්ධයෙන් දුරකතන අංක 118ත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තැරැව්කරුන් අලෙවි කරන්නන් සම්බන්ධයෙන් දුරකතන අංක 1997 දැනුම් දෙන ලෙසත් ඇමැතිවරයා ඉල්ලීමක් කළා.

මෙලෙස ලබාදෙන තොරතුරු අතිශය රහසිගතව තබා ගන්නා බවට සහතික වන ඇමැති වීරසේකර මහතා සමාජය පිරිසුදු කිරීමට නම් මේ තොරතුරු දෙන ලෙසත් මෙලෙස ක්‍රියා කරන්නන්ගෙන් එසේ කිරීම නවතා දමන ලෙසත් ඉල්ලා සිටියා.

මෙවන් ක්‍රියාකාරකම්වල නිරත වන්නන් පිළිබද තොරතුරු දුරකතන අංක 118 වෙත දැනුම්දිය හැකියි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තැරැව්කරුවන් අලෙවි කරන්නන් සම්බන්ධයෙන්ද දැඩිව නීතිය ක්‍රියා කරන බව කියා සිටි ඒ මහතා 1997ට දැනුම් දෙන ලෙසත් රටේ සංවර්ධනයට අවශ්‍ය පාසල් සිසුන් තරුණ ප්‍රජාව බේරා ගැනීමට වැටලීම් කරන බවත් සෑම ස්ථරයකම මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරින් පත් කර තිබෙන බවත් කියා සිටියා.

පුවත යවන්න