කතෝලික සභාව නිදහස් උත්සවය වර්ජනය කරයි

රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදල් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බව සිරිල් ගාමිණි පියතුමන් පවසයි.

“විදේශ ණය වාරික ගෙවා ගන්නට නොහැකිව ආර්ථික වශයෙන් බංකොළොත්වී ඇති රටක, 30%කට අධික ජනතාවක් කුසගින්නේ සිටින රටක, ළමා මන්දපෝෂණයෙන් පෙළෙන රටක, රැකියා අහිමිවෙමින් තිබෙන රටක, ව්‍යාපාර කඩාවැටෙමින් ඇති රටක, නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති රටක, මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන රටක, පැය 24ම විදුලිය සැපයීමට අසමත්වී ඇති රටක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද ?.. කියලා අපි ප්‍රශ්න කරනවා. මෙය ජනතාවට එරෙහිව කරන මහා අපරාධයක් සහ නාස්තියක්. නිදහස් උත්සවයට කාදිනල් හිමියන් සහභාගී වෙන්නේ නැහැ. කිසිදු කතෝලික රදගුරුතුමෙකු ද ඊට සහභාගීවෙන්නේ නැහැ.”

පුවත යවන්න