කථානායක පක්ෂග්‍රාහීයි / සමගි ජන බලවේගය කථානායකට ලියයි

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සියලුදෙනාට ම එක හා සමාන අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

කථානායකවරයා, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පක්ෂපාතීව කටයුතු කරන බව හැඟී යන බව ද එම ලිපියේ සඳහන්.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එම ක්‍රියාකලාපය හමුවේ දැඩි මානසික ආතතියකට හා පීඩනයකට ලක්වු අවස්ථාවන් ගණනාවක් ඇති බව ද එම ලිපියේ සඳහන්ව තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා උසාවියෙන් වැරදිකරු වී ඔහුට අභියාචනාධිකරණය වෙත අභියාචනාවක් ඉදිරිපත් කිරීමෙන් පාර්ලිමේන්තු ඒමට වරම් ලබාදුන් නමුත් කථානායකවරයා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එම අවස්ථාව ලබානොදීම තවත් නිදහසුනක් බව ද එම ලිපියේ සඳහන්.

පුවත යවන්න