මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම මන්ත්‍රීධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ට හිමිවෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ජයන්ත කැටගොඩ මහතා පසුගිය දා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වුණා.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා එළැඹෙන සඳුදා උදෑසන සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතයි.