කබ්රාල් සහ ආටිගල ඇමති මණ්ඩලය හමුවට කැදවන තීරණයට බාලගිරි

මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අමාත්‍ය මණ්ඩලය හමුවට කැදවීම යළි කල්දමා තිඛෙනවා.

හෙට දිනයේ ඔවුන් අමාත්‍ය මණ්ඩලය හමුවට කැදවීමට නියමිතව තිබුණා.

රටේ තුළ පවතින විදෙස් සංචිත අර්බුදය සහ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි ඔවුන් මෙලස කැදවනු ඇත්තේ.

මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා කැදවන බවට අවස්ථා කිහිපයකදීම කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ප්‍රකාශ කර තිබුණද එම තීරණය දිගින් දිගටම කල්යන බවත් දක්නට ලැඛේ.

පුවත යවන්න