නැගෙනහිර ජැටිය ආයෝජනයට ඉන්දියාවට දෙනවා /රාජ්‍ය ඇමතිවරයෙක් කියයි-Audio

කවර පාර්ශවයන් අසාධාරණ චෝදනා එල්ල කළද කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමක් හෝ බදුදීමක් සිදු නොකරන අතර නැගෙනහිර ජැටිය ආයෝජනය සඳහා ඉන්දියාව සමඟ එක්ව කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා අද පැවසුවා.
ඒ වත්තල දී පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.

රජයක් ලෙස අපි ප්‍රකාශ කරන්නේ අපි රාජ්‍ය දේපළ විකුණාගෙන කන්නේ නෑ. අපි කරන්නේ නැගෙනහිර ජැටියට ආයෝජන කරන්න ඉන්දියානු සමාගමකට දීමයි. ඉන්දියාව වේවා, ජපානය, චීනය,  ඇමරිකාව වේවා ඕනෑම රටක් ලංකාවේ ආයෝජනයට එනවා නම් අපි ඒ අයට අවස්ථාව දෙනවා.

පුවත යවන්න