ක්ෂණික ඉන්ධන මිල වැඩිකිරීමකට අවසර ඉල්ලයි

ඉන්ධන මිළ ඉහළ දැමීම සදහා විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කළ බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල විශාල ලෙස ඉහල ගොස් තිබෙනවා. මෙම තත්ත්වය මත දේශිය ඉන්ධන මිලද ඉහළ දැමිය යුතු බවයි ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පෙන්වා දෙන්නේ. එසේ නොවුණහොත් ඉන්ධන භාවිත කරන සුලු පිරිස නිසා අහිංසක දුප්පත් ජනතාවට එම බර දැරිමට සිදු වන බවයි සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ. මේ වනවිට සංස්ථාව ඩීසල් ලිටරයකින් රුපියල් 50ක සහ පෙට්‍රල් ලීටරයකින් 17ක අලාභයක් ලබන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.

පුවත යවන්න