ක්‍රීඩාවෙන් රට ඉහළට ඔසවා තැබීම අරමුණයි / මධුෂාන් හරීන්ද්‍ර

ක්‍රීඩාවෙන් රට ජාත්‍යන්තරය තුළ ඔසවා තැබීමට රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ කොළඹ දිස්ත්‍රීක් සම්බන්ධීකරණ ලේකම් මධුෂාන් හරීන්ද්‍ර මහතා පවසයි.

සෑම ක්‍රීඩාවකින්ම ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය පසුබිම පාසල් කේෂ්ත්‍රය තුළ නිර්මාණය කර දීමේ නාමල් රාජපක්ෂ මහතා වැඩපිළිවෙල කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි සම්බන්ධීකරණ ලේකම්වරයා පැවසුවේ.

ජීනිවා මානව හිමිකම් කවුන්සලයට එක්වෙමින් රට හමුවේ තිබු අභියෝග ජය ගැනීමට දායකත්වය ලබා දීම මෙන්ම රටේ තරුණ පරපුර වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීමට අවස්ථාව උදාවී ඇති බවයි මධුෂාන් හරීන්ද්‍ර මහතා සදහන් කළේ.

පසුගිය මහ මැතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටියද යල්පැන ගිය දේශපාලන සංස්කෘතියේ නිරත ඇතැම් පාර්ශවයන්ගේ ක්‍රියාකරම් හේතුවෙන් තමන්ට එම අවස්ථාව අහිමි වූ බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන් කෙරෙහි විස්වාසය තබමින් ලබාදී ඇති වගකීම උපරිමයෙන් ඉටු කරන බව මධුෂාන් හරීන්ද්‍ර මහතා සදහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ පහසුකම් අඩු පාසල් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ ලබා දීම, ග්‍රාමිය තරුණ ප්‍රජාවගේ ක්‍රීඩා කුසලත වැඩි දියුණු කිරීමේ වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයාගේ කොළඹ දිස්ත්‍රීක් සම්බන්ධීකරණ ලේකම් මධුෂාන් හරීන්ද්‍ර මහතා පැවසිය.

පුවත යවන්න