අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
නාවල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියා.
මේ අතර පළාත් සභා මැතිවරණයේ දී අනුගමනය කරන පියවර මෙතෙක් තීරණය කර නොමැති බවද හිටපු ජනාධිපතිවරයා පැවසුවා.
ඊට අදාළ පනත් සම්මත වූ පසු ඒ පිළිබද සළකා බලන බවයි ඔහු කියා සිටියේ.