කාදිනල් හිමිගේ බරපතල චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කරයි

අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කරන ලද චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර ඇති අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මේ වනවිටත් පොලිසිය මගින් අනාවරණය කරගත් කරුණු අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු 12ක් පවරමින් සැකකරුවන් 42කට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවයි.

අදාළ නිවේදනය මගින් පොලිසිය පවසා ඇත්තේ පසුගිය සෙනසුරාදා දින “සත්‍ය සොයා යන සම්න්ත්‍රණය”මැයෙන්  සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මෙම ප්‍රකාශයන් කර ඇති බවයි.

පාස්කු ඉරිදා වින්දිතයන් සඳහා වූ ගෝලීය යුක්ති සංසදය විසින් එය සංවිධානය කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවල විමර්ශන සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් විසින් කරන ලද බවට සඳහන් කරුණු 7කට අදාළව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පෙන්වා දී තිබෙනවා.

මේ අතර හුදු සාක්ෂිමය වටිනාකමක් නොමැති ප්‍රකාශ හෝ වාර්තා මත කිසිම අවස්ථාවකදී අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියා නොකරන බවද අදාළ නිවේදනය මගින් පොලිසිය අවධාරණය කළා.

පොලිසිය නිකුත් කර ඇති එම නිවේදනය පහතින්.

පුවත යවන්න