කාදිනල් හිමි පාස්කු ඉරිදා කළ ප්‍රකාශය ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

කාදිනල් හිමියන් පාස්කු ඉරුදින සිදු කළ ප්‍රකාශයට දේශපාලනික අර්ථකථන නොදෙන ලෙස කතෝලික සභාව ඉල්ලීමක් කරනවා.
ගරු සිරිල් ගාමිණී පියතුමා අද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දේශපාලනිකව කිසිවකුට පහරගැසීමේ අදහසින් කාදිනල් හිමියන් එම ප්‍රකාශය සිදු නොකළ බවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි කමිටුවේ ගරු සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ…

උන්වහන්සේගේ එම ප්‍රකාශය තුළ කිසිම විදිහක දේශපාලනිකව කිසිවෙකුට පහර ගසන්නට අදහසක් තිබුණේ නෑ. මේ පාස්කු ප්‍රහාරය ජාතික අපරාධයක් හැටියට අපි දකින්නේ. මේ තර්ජනය තාමත් ඒ විදිහටම තියෙනවා.

පුවත යවන්න