කාබන් මුදා හැරීම ශූනය කිරීමට රටවල් රැසක් සූදානමින්

තම රට තුල මුදා හැරෙන හානිකර කාබන් ප්‍රමාණය 2050 වන විට සම්පූර්ණයෙන්ම ශූනය බවට පත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
ඒ චීනය විසින් 2060 වසරේ දී එම ඉලක්කය ජයගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුවයි.
චීනයට දශකයකට පෙර ඉන්දියාව එම ඉලක්කය ජය ගැනීමට සැලසුම් කරන බවයි ඉන්දීය අගමැති න්රේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ.
පැරිස් සම්මුතියට අනුව ලෝකයේ සෑම රටක්ම මෙම එකඟතාවය සම්පූර්ණ කිරීමට බැඳී සිටිනවා.
කෙසේ වෙතත් ලොකයේ රටවල් බහුතරයක් තවමත් එම වැඩපිලිවෙළට අවධානය යොමුකර නැහැ.මේ වන විටත් අමෙරිකාව, ප්‍රංශය ජර්මනිය වැනි රටවල්ද මෙම එකඟතාවයට එළඹ තිබෙනවා.

පුවත යවන්න