කැනඩාවේ හදිසි තත්ත්වයක්

කැනඩාවේ ඔටාවා අගනගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට පනවා ඇති නව නීති හේතුවෙන් කැනඩාවේ ඔටාවා නගරයේ  පසුගිය සතියේ සිට ට්‍රක්රථ රියදුරන් විරෝධතාවයේ යෙදී සිටිනවා. එම විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනීමත් සමඟයි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරුණේ. විරෝධතා පොලිස් පාලන බලයෙන් ගිලිහී ඇති බවද සඳහන්. විරෝධතා නගරයේ සාමයට බාධාවක් බව ආරක්ෂක අංශ නිවේදනය කරනවා. මහාමාර්ග අවහිර කරමින් ට්‍රක්රථ නවතා තැබීම සමඟ නගරයේ දෛනික කටයුතු ද සම්පූර්ණයෙන් අඩාල වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. විරෝධතා උත්සන්නවීමත් සමඟ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අග්‍රාමාත්‍ය නිල නිවසෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට පසුගියදා ආරක්ෂක අංශ පියවර ගත්තා.

 

පුවත යවන්න