කැනඩාව කොරෝනාවෙන් මුදවන්න මෝදි මැදිහත් වෙයි

කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත් ලබා ගැනීමට කැනඩාව එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ ඉන්දීය අගමැතිවරයා හා කැනේඩියානු අගමැතිවරයා අතර පැවැති සාකච්ජාවකින් පසුවයි.
ෆයිසර් හා මොඩර්නා සමාගම්වලට එන්නත් සැපයීමේ ගැටලු මතුවීම මත එම සමාගම් කැනඩාවට ලබාදුන් කොරෝනා එන්නත් ප්‍රමාණය සීමා කර තිබෙනවා.
ඒ අනුව දුෂ්කරතාවයකට මුහුණ පා සිටින කැනේඩියානු අගමැතිවරයාට කඩිනමින් අවශ්‍ය එන්නත් ලබාදෙන බවයි ඉන්දීය අගමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.
මෙය දෙරට අතර ශක්තිමත් බැඳීමකට හේතුවක් විය හැකි බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

පුවත යවන්න