අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපතිවරයා හමුවී කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
අද පස්වරුවේ නියමිත පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට ද නියමිත බවයි ඔහු සදහන් කළේ.
පවතින තත්ත්වය හමුවේ සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂට ඉඩ දෙමින් සියලුම කැබිනට් ඇමතිවරු සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීමට කටයුතු කළ බව ද ඔහු සදහන් කළා.