කැමති එන්නතක් ගන්න බෑ / අපි දෙන එන්නත ගන්න – රාජ්‍ය ඇමති චන්න ජයසුමන -Audio

තමන් කැමති එන්නතක් ලබාගැනීමේ අවස්ථාවක් මේ වන විට නොමැති බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එසේ තිබියදී තමන් කැමැති එන්නත ලබාගැනීම සඳහා එන්නත් තොරමින් සිටියහොත් එන්නත නොලැබී යාහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

විදේශ ගතවීමට සිටින ඇතැම් අයට එම රටවලට පිවිසීමට අවශ්‍ය විශේෂිත එන්නතක් ලබාගැනීමට අවශ්‍ය බවට ඉල්ලීම් ලැබී තිබෙන බවත් ඒ සඳහා ඉදිරියේදී වැඩපිළිවෙලක් සැකසීමට සාකච්ඡා කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.

පුවත යවන්න