විදුලිය නිෂ්පාදනයට කැලණිතිස්ස බලාගාරයට මෙතෙක් ඩීසල් ලබා දී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක හා අතිරේක සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුණි මහතා සඳහන් කළේ, පසුගිය 02 වැනිදා සිට එම බලාගාරයේ කටයුතු ඇනහිට ඇති බවයි.
මේ අතර, සපුගස්කන්ද විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන හෙට දිනයටත් ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර ඇති බව ඇන්ඩෲ නවමුනි මහතා පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ, විදුලි උත්පාදනය මේ දිනවල 25%ක් ජල විදුලියෙන් සිදු කෙරෙන බවයි.
කෙසේ වෙතත් විදුලිය නිෂ්පාදනයට කාසල්රී ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ තවත් සතියක් වැනි කාලයක් සඳහායි.
විදුලි උත්පාදනයට සමනල වැව ජලාශයේ ජල ධාරිතාව ද තවත් මාසයක කාලයක් සඳහා ප්‍රමාණවත් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.
මේ අතර මාස 03 ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බැවින් ඒ සඳහා අවසර දීමට සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය දිනවලදී සඳහන් කළා.