කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ තිස් දෙදෙනෙකු කොරෝනා වෛරස ආසාදන වූවන් ලෙස අද වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසනවා.
ඔහු කියා සිටියේ කැස්බෑව නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ 20 දෙනෙකු සහ සුපිරි වෙළඳසැලක 11 දෙනෙකු මේ අතරට අයත් බවයි.
මේ වනවිට පිළියන්දල නගර සභාව සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ආසාදිතයින්ගේ සමීපතමයින් හඳාුනාගැනීමෙන් පසු එම ස්ථාන යළි විවෘත කිරීමට නියමිතයි.
මීට පෙර කැස්බෑව නගර සභාවෙන් 10 දෙනෙකුද , අදාළ සුපිරි වෙළෙඳ සැලෙන් 04 දෙනෙකු ද, ආර්ථික මධ්‍යස්ථානයෙන් 13 දෙනෙකු ද වාර්තාවී තිබුණා.