ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය අක්රිය කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් අද රාත්රියේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක උපරිමයක් දක්වා ළඟා වනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන බවයි සදහන් කළේ.
ජාතික විදුලි ඉල්ලුම ඊයේ රාත්රියේ මෙගාවොට් 2700ක උපරිමයකට ළඟා වෙනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළද ඊයේ රාත්රියේ විදුලි ඉල්ලුම උපරිම ළඟා වුණේ මෙගාවොට් 2418 ක මට්ටමකටයි.
ඉන් සියයට 64ක් (මෙගාවොට් 1548) තාප විදුලි බලාගාරවලින්, සියයට 32 ක් (මෙගාවොට් 774) ජල විදුලි බලාගාරවලින් සහ සියයට 4ක් (මෙගාවොට් 96) සුළං,සූර්ය බලය හා ජෛව ස්කන්ධ යන පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ගෙන් සම්පූර්ණ කර තිබෙනවා.
විශාල වශයෙන් තාප විදුලිබලාගාර මත යැපෙන පසුබිමක ඊයේ දහවල් මෙන්ම රාත්රි කාලයේත් දිවයිනේ ප්රදේශ රැසකට පැයකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවුණේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්රයක් අක්රිය වීමත් සමගයි.
එමගින් මෙගාවොට් 270 ක් ජාතික පද්ධතියට අහිමි වී තිබුණා.