කින්නියා ,පාරු අනතුරේ තවත් දැරියක් මිය යයි

කින්නියා , කුරිඤ්ඤංකර්නි කළපුවේ පාරුවක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් රෝහල්ගත කර සිටි 06 හැවිරිදි තවත් දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව  එම දැරිය ද ඇතුළුව පාරු අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ යනු ඇති.

පසුගිය 23 වනදා උදෑසන 7.00ට පමණ පාලම් පාරුව පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවූ අතර එම අවස්ථාවේ පාසල් දරුවන් සිව් දෙනෙකු ද ඇතුළුව 6 දෙනෙකුට ජීවිත අහිමි විය.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 25 ත් 30 ත් අතර පිරිසක් පාරුවේ ගමන් කරමින් සිට තිබූ අතර තුවාල ලැබූ පාසල් දරුවන් ද ඇතුළු තවත් පිරිසක් රෝහල්ගත කෙරිණ.

මේ අතර පාරුව පෙරළීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගැනුණු කින්නියා නගර සභා සභාපති, පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ද මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවේ.

1977 වසරේ ඉදිකළ කින්නියා කුරිඤ්ඤන්කර්නි කළපුවේ පාලම කැඩී ගොස් තිබුණේ, මීට අවුරුදු 6 කට පෙරදී ය.

පුවත යවන්න