කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවේ මිල රුපියල් 800ක් කරන්න ඉල්ලීමක්

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වාත් ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුවන බව කිරිපිටි ආනයන කරුවෝ පවසනවා.

පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙත පසුගිය 7 වැනි දා කළ දැනුම් දිමට අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 260 ඉහළ යනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ යාම සහ ඇමෙරිකා ඩොලරයක වටිනාකම රුපියල් 202 සිට රුපියල් 280 දක්වා වැඩිවීම හේතුවෙන් ආයනයන කිරිපිරි මිල වැඩිකිරීමට සිදුව ඇතැයි එම සමාගම් සඳහන් කළා.
මේ දක්වා වෙළදපල තුල උග්‍ර කිරිපිටි හිඟයක් ද පවතින අතරතුරයි මිල වැඩි කිරීමේ ඉල්ලීම ඉදිරිපත්ව ඇත්තේ.

පුවත යවන්න